À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 13 |

A+ A-

         මං දෙව්දුන් අයියගෙන් ඈත් වෙලා ඇස්දෙක පිහදගත්තෙ පොඩි එකා අඩන සද්දෙ ඇහිල…

       ” තාත්ති…. තාත්ති.. ”

මං කාමරේට යනකොටත් දරුවා ඇදෙන් බැහැල එන ගමන්. පව් රත්තරං කොල්ලා, බය වෙන්න ඇති මං කාමරේ නැතිකොට… එන්නම නැතුව ඇති කියලා..

   මං ඇගේ අමාරුව පැත්තක දාල දරුවා වඩාගත්තා. ” ඇයි රත්තරං? ”

     ” තාත්ති නපුලු මාමලා.. ”

     ” නපුරු මාමලා සුප’ර්මෑන් මාමා ඇවිදිල්ලා ඈතට විසිකරානෙ සුදුමාත්තයා…  ” මම ඉදිමිලා තිබ්බ කම්මුල අතගාන ගමන් කොල්ලගෙ ඔලුව ඉම්බා. ඕඩිකොලොන් සුවද එක්ක අහිංසකකම මුහු වෙලා එන මගෙ රත්තරංගෙ කැරලි කොන්ඩෙ.. මට මුගෙ ආදරේ හිතෙන්නැති දෙයක් නෑ.

   ” දැන් නපුරු මාමලා නෑ.. මගෙ චූටි මොනර පැටියට ගහන්න.. ”

   ” එයාත තුප’මෑන් මාමා?.. ”

පොඩි එකා අත දික් කරේ සාලෙ ඉදපු දෙව්දුන් අයියට.

     සුප’මෑන් මාමා ඇවිදින් කොල්ලා දිහා ටිකක් බලාගෙන ඉදියා. ඇස්වල හැඟීම් බර ගානක් ඇදිල මැකිලා යනවා මම බලාගෙන.

   චූටි එකා මගෙන් උදුරගෙන තුරුල් කරගෙන දෙව්දුන් ගිහිල්ලා ඇදෙන් ඉදගත්තා..

   කම්මුල් දිග කදුලු කැට කඩාවැටෙද්දි පොඩි එකා දෙව්දුන් අයියගෙ දිහයි මගෙ දිහයි මාරුවෙන් මාරුවට බැලුවෙ අහිංසක පැටියට මාමෙක් අඩනවා දැකල පුදුම හින්දා වෙන්නැති..

   ඒ ලොකු සුපර්මෑන් මාමා තියා එයාගෙ චූටි හංස තාත්තිවත් එයා ඉස්සරහ අඩන්නෑ..

     මට ඇඩෙන්න ආවෙ දෙව්දුන් අයියා එහෙම අඩනවා බලන් ඉන්න අමාරු හින්දා. ඒත් දරුවා ඉස්සරහ මට අඩන්න බෑ. එයාට මං දුර්වලයි කියල දැනෙන්න අරින්න බෑ. මං මගෙ කොල්ලා ඉස්සරහ අසරණ වුන තරම්..

    කොල්ලගෙ මුලු අතම පටලන්න පුළුවන් වුනේ දෙව්දුන් අයියගෙ එක ඇගිල්ලක. කොල්ලා ඒ ඇගිල්ලෙන් ඇදලා.. ඇස්වල තිබ්බ කදුලු පිහදැම්මෙ මුලු අත්ලෙන්ම.

     ” හොද බබාල අඩන්නෑ.. නත්තල් තීයා.. ගිෆ්’ස් එකක් ගෙනත් දෙන්නෑ අඩන බබාලට.. ඔවා ඒක දන්නෑද?!.. ”

     දෙව්දුන් අයියා මං දිහා බලලා පොඩි එකා දිහා ආය බැලුවා. ” කවුද මගෙ පුතාට ඒම කිව්වෙ?.. ”

    ” තාත්ති ටමා.. කියල දුන්නෙ. තාත්ති නත්තල් තීයගෙ කතන්තරේ දන්නවා. ඒක දත්..සන කතන්තලයක්. ඔයා ඒක දන්නැද්ද?..  නත්තල් තීයට.. බෝ මුවො ගොදා…ලියක්.. ඉන්නවා.. නත්තල් තීයට බබාල ලිවුම් යැව්වම.. නත්තල් තීයා ගිෆ්’ස් ගොදා..ලියක් බබාලට හදන ගෙයක්.. තියෙනවා.. නත්තල් කිරිඅම්මායි.. කුලුමොට්ටොයි ඊතපස්සෙ.. තෑගි ඔක්කොම… ඔක්කොම මේම මේම අරන්.. ඔතනවා.. ඒත් නෝටි බබාලට අඩන බබාලට තෑගි ඔතන්නෑ. අර මාමලතනං… මේ පාර තෑගි නෑ.. එයාල මත ගැව්වනෙ.. ”

   කොල්ලගෙ කියවිල්ලට අඩ අඩ ඉදපු මිනිහටත් හිනා. මොනර පැටියගෙ ඉදිමිච්ච කම්මුල අතගාන ගමන් අයියා දරුවගෙ හුරතලේ පිරිච්ච ඇස් ලොකු පුංචි වෙන හැටි.. මේම මේම ගගා අත් නැටවෙන හැටි.. තොල් බරසාරෙට උල් වෙන රවුම් වෙන හැටි බලාගෙන හිටියෙ කටෙන් එකක් හිනාවීගෙන.

   එක ලෙයින් උපන් පවුලෙ එකෙක් ඇරුනකොට මගෙ දරුවා අතගාන්න කරන්න දෙන්න පුළුවන් පිරිමියෙකුට මම විශ්වාස කරේ දෙව්දුන් අයියා විතරයි. මං උලුවස්සට හේත්තු වෙලා දෙන්නගෙ කයිවාරුව බලාගෙන හිටියෙ ඒකයි.

     ” අනේ.. මොනර පැටියට රිදුනද ගොඩාක්?..”

    ” චුත්සක් සිදුනා.. ඒත් තාත්තිගෙ මොනල පැතියා… සැලයි! ”

    ” අප්පා… සැර මොනර පැටව් කොටනවද? ”

    ” මේම.. මේම්.. කොතනවා.. ”

    ” මාමි පව්නෙ මොනර පැටියො.. මාමි පව් නැද්ද?..”

” මාමිත කොතන්නෑ… ! ඔයා තුපර් මෑන් ද?.. ”

     ” කොහොමද දැනගත්තෙ..? ”

” තාත්ති මත.. හොලෙන් හොලෙන් කිව්වෙ.. ”

   ” තාත්ති හරි නරකයි. මං ඒක කාටවත් නොකිය ඉදියෙ.. ”

     ” තාත්ති හොද බබෙක් අනේ.. ”

” ඒක නෙවෙයි.. ඔයා කිව්වෙ දැන්.. අඩන බබාලට ගිෆ්ට්ස් දෙන්නෑ කියල නත්තල් සීයා?.. ඔයත් දැන් ඇඩුවනෙ.. ”

     ” මං බය ඉතුනා.. ”

” අනේ ඇයි ඒ? ”

    ” නපුරු නෝටි මාමලා.. මත ගාල.. තාත්ති අලන් ගියා කියල.. ”

   මොනර පැටියගෙ ඇස්වල ආය කදුලු පිරුනා. දෙව්දුන් අයියගෙ ඔඩොක්කුවෙන් බැහැල දුවගෙන ඇවිදින් මගෙ කකුලෙ එල්ලිලා ආය අඩන්න ගත්තම මං වඩාගෙන කොල්ලගෙ කොන්දට හිමින් තට්ටු කළා.

     ” තාත්ති අරන් ගියෙ නෑ රත්තරං. තාත්ති ඒම බබු පැටියා දාල යන්නෙ නෑ නෙ.. ”

      ” දැන් මත .. අඩන බබෙක් හින්දා ගිෆ්ස් දෙන එකක් නෑ නත්සල් තීයා.. ”

     ” නෑ නෑ.. මගෙ මොනර පැටියා තාත්තිට ආදරේ හින්දනෙ ඇඩුවෙ. නත්තල් සීයා ඒකට සමාව දෙයි නෙ. ”

       ” ඇත්ත නෙවෙයි.. ”

” ඇත්ත රත්තරං.. තාත්ති බොරු කියන බබෙක් නෙවෙයි. තාත්ති බොරු කියනවනං කට ගද ගහන්න එපෑ.. ”

    ” වෙලාවකත ගද එනවා.. ”

   දෙව්දුන් අයියට බකස් ගාල හිනා ගියා. මුං දෙන්නම එකතු වෙලා මාව මඩවන්න පටන්ගත්තා එපාර.

    ” බොරු කියන්නෙපා.. තාත්ති උදේටයි රෑටයි දෙපාරක් දත් මදිනවා. ”

      ” ඒ වුනාත.. නූනු කෑවම ගදයිනෙ.. ”

   ” ලූනු කෑවම ඉතින් එහෙම තමා.. ”

     ” ඉතින් ගදයිනෙ.. ”

” ඒක ගනන් ගන්න බෑ.. ඒකෙ කට නෙවෙයිනෙ ලූනුනෙ ගද.. ”

     ” ඒක බෑ.. ”

  ” කුක්කු එකක් හදල දෙන්නද මගෙ පුතාට? ” මං ඇහුවෙ කොල්ලගෙ බඩ කෑගහනවා ඇහිච්ච හින්දා.

    ” සස්කෝතු එක්ක? ”

  ” රස්ක් කෝතු නෑ නෙ මැනික.. ”

     ” එහෙනං.. ”

” චොක්කෝතු ටිකක් ඇති.. ”

   ” අද කෝලෙ නෑ?.. ”

” නෑ පුතා.. නපුරු මිනිස්සු හින්දා අද කෝලෙ නෑ. තාත්තිත් ගෙදර. ”

   මොනවා වුනත් අද දවස අපරාදෙ.. දවසට හාරදහක් විතර වැටෙන රස්සාවක් මේකත්. ඉතින් දවසක් වැඩ පාඩු වුනා කියන්නෙ දරුවට බෙහෙත් වේල් කීයක් පාඩු වුනා කියන එකද?

   කමන්නෑ. දරු පැටියා එක්ක දවසක් ඉන්න හරි ලැබෙනවනෙ.. අද ගියත් ඕක.. කොර ගහ ගහ රූකඩ සෙල්ලං අල්ලන්නද?

   පොඩි එකා බිමින් තිව්වම පස්සෙන් කුස්සියට ආවා. දෙව්දුන් අයියත් පස්සෙන් එනව මම දැක්කා. මං උඩ රාක්කෙකින් චොකලට් බිස්කට් පහ හයක් ඔතලා තිබ්බ පැකට් එකක් බෝතලේකින් අරන් කොල්ලගෙ අතේ තිබ්බා.

    ” කුක්කු බෝ හදනකල් කෝතු කන්නකො. ”

    පොඩි එකා ආපහු පුටුවෙන් බැහැල ඇවිදින් දෙව්දුන් අයියගෙ ඔඩොක්කුවෙන් බිස්කට් පැකට් එක තිබ්බා.

   ” කෝතු කන්න තුපර්මාමි. ”

   ” මාමා කෝතු කන්නෙ නෑ රත්තරං.. ආහ්.. එකක් ගන්නංකො මැනික දුන්න එකනෙ.. ”

අයියා බිස්කස් එකක් අරන් දෙකට කඩල එකක් මට දික් කරන්න.අ කුස්සිය ඇතුලට ආවා.

    ” මේ පැනි රහ ගොඩවල්.. මේ හැටි දෙන්න එපා හංස දරුවට.. ”

” නිතර දෙන්නෑ අයියෙ.. තේ ටිකක් පෙරන්නද? ”

    ” හදමු.. ”

   ” අයියා වැඩට යන්නෙ නැද්ද?.”

මං ඇහුවෙ තෙමිච්ච කුකුලෙක් වාගෙ ඉන්න මනුස්සයා දිහා බලන ගමන්. වෙනදා ඇදුම් නෙවෙයි. වෙන ගමනක් යන ගමන්ද? 

    ” අද බිල්ඩින් එකට යන ගමන් නෙවෙයි. ”

   ” එහෙනං..? ”

   ” වෙඩින් එකක්.. ”

  ඇදුම්වල මඩ කැටිය.. මට ලොකු වැරැද්දක් කලාවගේ දැනුනා..

    ” ඒකට යන්න ඕන්නෑ. මට ඇදගන්න සරමක් දියං හංස තියෙනවනං.. ”

     මං කේතලේ ලිපේ තියලා කාමරේට ගිහින් සරමක් හොයල දුන්නා. අයියා බාත් රූම් එකට ගිහින් නාගෙන සරම ඇදගෙන එලියට එද්දි මං තේ පෙරලා.

      “  පොඩි එකත් ඉන්නවා.. උබේ ශර්ට් මට මැච් වෙන්නෑනෙ හංස.. ”

    මං මතක් කරලා.. කබඩ් එක ලගට ගිහින් පරන ටීශර්ට් එකක් හොයල ගෙනත් දෙව්දුන් අයියට දික් කරා.

   ඒක දැක්කම මුලු අතීතෙම ආය වතාවක් ඇස් ඉස්සරහා මැවිල පේන්න ඇති..

ඒ කමිසයක් එලියට ඇදල මං ආපහු පරන ඒවයි එලියට ඇදල ගත්තෙ.

   අයියා මොකුත් නොකිය ඒක ඇදගෙන…  කහට උගුරු පහ හයක් සීනි බෝතලේ උඩ තියල ගිය බිස්කට් කෑල්ල එක්ක බීල… දරුවා වඩාගත්තෙ වාහනේ යතුර ගන්න ගමන්.

    “.. අපි කෝද යන්නෙ මාමි? ”

“යංකෝ.. ”

   ” තාත්ති?.. ”

” තාත්තිගෙ ඌවා වෙලා.. තාත්ති චුට්ටක් දෝගත්තදෙන්.. ම්ම්? ”

කොල්ලා මගෙ දිහා හැරුනෙ යන්දෝ නොයන්දෝ වගේ. මං ඔලුව වැනුවා.

  මම දරුවගෙ තාත්තා නං දෙව්දුන් අයියා උගෙ අප්පච්චි විදියට සලකන්න මට දෙපාරක් හිතන්න ඕන්නෑ. දරුවා ආස වෙයි වාහනේ රවුමක් ගිහින් එන්න. ඌ කාර් එකක ගියෙම මගෙ ලොකු අයියගෙ වාහනේ.. ඒත් ඒකත් උට නින්ද ගිහින් ඉද්දි.

    එලියෙ හෝ ගාල වහිනවා. මං වහලෙන් තෙමෙන තැන් ටික බල බල බාස්කට් සාස්පාන් තියලා ඇදට ගොඩ වුණේ ඇත්තටම ඇගට මහ අමාරුවක් දැනුන හින්දා..

🤍🦢

නෝටි බබාලට ගිෆ්ස් නෑලු 🥺💔 අපි ලියනේව නත්තල් සීයා දැක්කනං ආච්චිගෙ රෙද්දෙ ඔතලා ගලක් එවන්නෙ 🤧

ගුන්නයිට්.. මට නිදිමතේ මොනා ලිව්වද මංදා.. මැදදි pov එක වෙනස්වුනා වගෙත් දැනුනා.. ඒත් නෑ නේ..? මංදා හෙට තමා සෝදුපත් බලන්නෙ.. 💁 දැන් දොයි..

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 13 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 13 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 13 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 13 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 13 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 13 | light novel, ,

Comment

Leave a Reply

Chapter 14